ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සහකාර රේගු අධිකාරි තනතුර සඳහා අයදුම්පත්‍ර කැඳවා තිබේ. සැප්තැම්බර් 22 දිනැතිව නිකුත් කළ ගැසට් පත්‍රයේ පළ කර ඇති පරිදි වයස අවුරුදු 21ත් 35ත් අතර උපාධිධාරීන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර ඒ සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි භාෂාවට සම්මාන සාමාර්ථයක් හා උසස් පෙළ ඉංග්‍රීසි භාෂාව සඳහා සාමාන්‍ය සාමාර්ථයක් තිබීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.
මෙරට තරඟ විභාග අතරින් ඉහළම තරඟකාරීත්වයක් ඇති විභාගයක් වන මෙම විභාගය සඳහා මෙවර වයස අවුරුදු 35 දක්වා වූ උපාධිධාරීන්ට අවස්ථාව ලබා දීම විශේෂ සිදුවීමක් වන අතර මේ සඳහා මෙවර අයදුම් කළ හැක්කේ මාර්ගගත ක්‍රමවේදයට පමණක් වීම ද විශේෂිතයි.
ඒ අනුව මෙම විභාගය සඳහා ඔක්තෝම්බර් 16 දින දක්වා අයදුම් කළ හැකි අතර විභාගය දෙසැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත බව ද සඳහන් කර තිබේ. මේ වනවිට ඊට අදාළ ගැසට් පත්‍රය රජයේ මුද්‍රණාලයේ නිල වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කර තිබෙනවා. එය පහතින්.
මෙතැනින් අයදුම් කළ හැකියි – Apply here
- Sinhala Gazette here – සිංහල ගැසට් පත්‍රය
- English Gazette here
- Tamil Gazette here – வர்த்தமானப் பத்திரிகை

