ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහාම ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස් වී මෙම තීරණය ගත් බව සැප්තැම්බර් 23 දිනැතිව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
මෙවැනි පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට පෙර ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශවවලින් අදහස් ලබා ගත යුතු බව ද නීතිඥ සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දෙනවා.


