දේශීය පුවත්

රාජ්‍ය ඇමති ඩී.වී. චානකගේ මාමණ්ඩිය ඝාතනය කෙරේ

රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකගේ බිරිඳගේ පියා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50 හැවිරිදි ලලිත් වසන්ත මෙන්ඩිස් නම් ගාල්ල නගරයේ රෙදි පිළි ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

සැප්තැම්බර් 23 දින පස්වරුවේ ගාල්ල ප්‍රදේශයේ සිය රෙදිපිළි වෙළඳසැලේ කටයුතු අවසන් කර නිවස බලා යමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ඔහු ගමන් ගත් මෝටර් රථය ඉලක්ක කර ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඇති බව පොලිසිය පවසනවා. වෙඩි තැබීම සිදුව ඇත්තේ ගාල්ල ඩික්සන් පාරේදීය.

වෙඩි තැබීම් පහළොවක් පමණ එල්ල කර ඇති බව පොලිසිය කියයි. ඉන් වෙඩි වැදීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ පියා එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ඝාතනයට හේතුව පැහැදිළිව අනාවරණ වී නොමැති අතර පරීක්ෂණ ක්‍රියාත්මක බව ගාල්ල පොලිසිය පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top