අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවත් නිල සංචාරයක් සඳහා ජර්මනිය බලා පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව සැප්තැම්බර් 26 දින රාත්‍රියේ ජනාධිපතිවරයා ජර්මනිය බලා පිටත්වීම නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. එම සංචාරයේ දී ජනාධිපතිවරයා ජර්මනියේ බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිත අතර එම සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.
වර්තමාන භූ දේශපාලන හා ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ බර්ලින් ගෝලීය සංවාදය සැප්තැම්බර් 28 සහ 29 යන දෙදින පැවැත්වීමට නියමිත බව ද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර එක්සත් ජාතීන්ගේ මහමණ්ඩල සැසිය සඳහා සහභාගී වීම සඳහා අමෙරිකාව වෙත පිටත්ව ගොස් සිටි ජනාධිපතිවරයා අද (24) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයේ අවසන් සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සැප්තැම්බර් 26 දින පෙරවරුවේ පැවැත්වීමට ද නියමිතව තිබේ.

