දේශීය පුවත්

“මම හොඳින්, සමාජ මාධ්‍ය වාර්තා ගැන කලබල වෙන්න එපා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සැප්තැම්බර් 30 දින කැළණිය විහාරයේ ආගමික වතාවත්වලට එක් වූ අතර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට ද පිළිතුරු ලබා දුන්නා.

එහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ හිටපු ජනාධිපතිවරයා අසනීප තත්වයෙන් සිටින බවට සමාජ මාධ්‍ය තුළ සටහන් පළ වී ඇති බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ සඳහන් කළේ තමන් ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්වයකින් පසුවන බවයි. එසේම සමාජ මාධ්‍ය තුළ පැතිර දෑ සම්බන්ධයෙන් එතරම් අවධානයක් යොමු කිරීම අවශ්‍ය නොවන බවත් ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවන බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ තමන් එවැනි කාරණයක් පිළිබද නොදන්නා බවයි. නමුත් දිගටම නායකත්වයේ සිටිමට තමන්ට අවශ්‍යතාවයක් නොමැති බවත්, තරුණ නායකයින්ට අවස්ථාව ලබා දිය යුතු බවත් ඔහු සදහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top