මෙරට තුළ ක්‍රියාත්මක සියලුම ඉන්ධන සමාගම් විසින් ඔක්තෝබර් 01 මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රජයට අයත් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් රුපියල් 3 සිට රුපියල් 62 දක්වා වූ අගයන්වලින් ඉහළ දමා තිබෙනවා.
එම සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365කි. එසේම ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් ලෙස සටහන් වී තිබේ.
සිපෙට්කෝ පිරවුම්හල් තුළ ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351ක් ලෙසත්
ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 421ක් ලෙසත් දැක්වේ. මේ අතර භූමිතෙල් ලීටරයක මිල රුපියල් 11කින් ඉහළ දමා ඇති අතර නව මිල රුපියල් 242ක් ලෙස දැක්වේ.
ඉන්දියානු හිමිකාරීත්වයක් සහිත ලංකා IOC සමාගම ද සිය ඉන්ධන මිල ගණන් පහත පරිදි සංශෝධනය කර තිබේ.
ඒ අනුව අයිඕසී පිරවුම්හල් තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 365ක් ලෙස ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 420ක් ලෙස ද මිල සටහන් කර තිබේ.
අයිඕසී පිරවුම්හල් තුළ ලංකා සුදු ඩීසල් ලීටරයක් ද රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 351ක් ලෙසත් ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 62කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 421ක් ලෙසත් දැක්වේ.
මෙරට ඉන්ධන වෙළඳපොලේ තරඟකාරීත්වයක් ඇති කිරීමට අලුතින් ස්ථාපිත කිරීමට අවසර දුන් චීනයට අයත් සයිනොපෙක් සමාගමේ පිරවුම්හල් තුළ ඊයේ (ඔක් 01) සවස 6 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.
සයිනොපෙක් පිරවුම්හල් තුළ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල නොවෙනස්ව රුපියල් 358ක් ලෙස මිල සටහන් වුවත් ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩිකර ඇත. ඒ අනුව, මෙතෙක් කල් අනෙක් පිරවුම්හල්වලට වඩා රුපියල් 3ක් අඩුවෙන් ඉන්ධන ලබා දුන්නත් ඔක්ටේන් 95 ලීටරයක මිල අනෙක් පිරවුම්හල්වල නව මිල රුපියල් 420කි.
මේ අතර සයිනොපෙක් පිරවුම්හල් තුළ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 348 ලෙස ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 61කින් ඉහළ දමමින් සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 417ක් ලෙස ද සටහන් කර ඇත.

