ආර්ථික අර්බුදය

පෞද්ගලික පරිභෝජන වාහන හැර අන් සීමා ඉවතට – මුදල් රාජ්‍ය ඇමති

වාහන ආනයනය අත්හිටුවීමට ගත් තීරණයත් සමග ආර්ථික ක්‍රියාවලියට බලපෑම් සිදුව ඇති බවත්, වානිජ වාහන ආනයනය කිරීමට අවසර ඉල්ලා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින්ගෙන් දැඩි ඉල්ලීම් ලැබුණු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ඔක්තෝබර් 04 දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කළා. එම වාහන ආනයන සීමා පැවතීමෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල දායකත්වය ආර්ථික ක්‍රියාවලියට ලබා ගැනීම කෙරෙහි අහිතකර බලපෑම් ඇති කර තිබෙන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, මීට පෙර වාහන ආනයනය සම්බන්ධයෙන් ගත් තීරණය අවලංගු කොට වාණිජ වාහන 67කට අදාළව සහ පුද්ගලික පරිහරණය නොගන්නා එච්එස් කේත 299කට අයත් වාහන හා භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, ආනයන සීමා තවදුරටත් පවතින්නේ පෞද්ගලික පරිභෝජනයට අදාළ වාහනවලට අදාළ එච්.එස් කේත 304කට පමණක් බවත් එම ආනයන සීමා ලිහිල් කිරීමට රජය තවමත් තීරණයක් ගෙන නොමැති බවත් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top