දේශීය පුවත්

පාර්ලිමේන්තු ගෝරියෙන් පසු ඩයනා රෝහල්ගත වෙයි

rivira.lk | 2023.10.20 | Colombo

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී අද සිදුව ඇති සිද්ධියකින් පසුව සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් වී තිබේ.

ඒ පාර්ලිමේන්තු ලොබියේ දී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බණ්ඩාර සහ සුජිත් සංජය පෙරේරා සමග ඇති වූ සිද්ධියකින් පසුවයි.

සිද්ධියෙන් පසු පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මූලාසනයේ සිටි මන්ත්‍රීවරයා වෙත දැනුම් දුන්නේ සුජිත් සංජය මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බවයි. ඒ අනුව, තමන් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්, වහාම පාර්ලිමේන්තුව විසින් ද විමර්ශනයක් සිදුකරන ලෙසත් මන්ත්‍රීවරිය ඉල්ලා සිටියා.

එහිදී අගමැති දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ අදාළ චෝදනාව බරපතල බැවින් පාර්ලිමේන්තුව සුළු වේලාවකට අත්හිටුවා එම සිදුවීම කතානායකවරයා දැනුම් දී ඒ සම්බන්ධයෙන් ගනු ලබන පියවර පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි.

කෙසේ වෙතත් සුජිත් සංජය පෙරේරා මන්ත්‍රීවරයා අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළේය. “ගමගේ මන්ත්‍රීවරිය ඇගේ අත්බෑගයෙන් මට පහර දීමට උත්සාහ කළ විට මම ආත්මාරක්ෂාවට අදාළ ක්‍රියාව වැළැක්වීමට කටයුතු කළා” යැයි ඔහු පැවසීය.

“අපි පිරිමි අයිතීන් ද ආරක්ෂා කළ යුතුයි. බොහෝ කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන නමුත් පිරිමින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව පේනවා, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

අදාළ සිදුවීමෙන් පසුව සිය ජංගම දුරකතනයෙන් අදාළ අවස්ථාව පටිගත කර තිබූ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා එම දර්ශන මාධ්‍ය වෙත ලබා දී තිබුණා. එහි දැක්වෙන පරිදි මන්ත්‍රීවරිය හා මන්ත්‍රීවරුන් දෙදෙනා අතර උණුසුම් සංවාදයක් ඇති වී තිබෙන අතර මන්ත්‍රීවරිය අසභ්‍ය හා පරුෂ වචන භාවිතා කරමින් මන්ත්‍රීවරුන් වෙත දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන අයුරු නිරීක්ෂණය වේ.

දර්ශන සමාජ මාධ්‍ය තුලින්…

Rivira FB Group Rivira Youtube
To Top