කෘතහස්ත ව්‍යාපාරිකයෙකු වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබේ. ලලිත් කොතලාවල කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර මියයන විට ඔහු 84 වන වියෙහි පසුවුණි.
ඔහු 2007 වසර වනවිට ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවට ද ඇතුළත් විය. අසාර්ථක වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් සමාගමේ රුපියල් බිලියන 26ක ආයෝජන සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයට ද පත් විය.
සෙනෙට් සභික ජස්ටින් කොතලාවල සහ මිලිසන්ට් කොතලාවලට දාව උපත ලැබූ ලලිත් කොතලාවල කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇති අතර පසුව එක්සත් රාජධානියේ වරලත් ගණකාධිකරණය හැදෑරීය. ඔහු ලංකාවේ තුන්වන අගමැති ශ්‍රීමත් ජෝන් කොතලාවලගේ ඥාති පුත්‍රයෙකු ද වේ.
1960 ගණන්වල සිය පියාගෙන් Ceylinco Consolidated සමාගම උරුම වීමෙන් පසු කොතලාවල සෙලාන් බැංකුවේ ආරම්භ සභාපතිවරයා ලෙසත් බැංකු ක්ෂේත්‍රයත්, බැංකු නොවන මූල්‍ය ආයතන, ආයෝජන බැංකු, නිවාස හා දේපළ සංවර්ධනය, සංචාරක, සන්නිවේදන සහ තොරතුරු තාක්ෂණය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා ඇතුළු ක්ෂේත්‍ර රැසකට සිය ව්‍යාපාර ජාලය ව්‍යාප්ත කළේය. 1996 දී එල්ටීටීඊ ප්‍රහාරයකින් තුවාල ලබා ඇති ලලිත් කොතලාවල ඉන් වසර තුනකට පසු ඔහු ශ්‍රී ලංකාව තුළ සාම වැඩසටහනක් ද ආරම්භ කළේය.

