ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත අයදුම්පත් 300ක් පමණ ලැබී ඇති බවත්, ගැසට් නිවේදනය අනුව සුදුසුකම් සම්පූර්ණ කළ අයදුම්පත් ප්‍රමාණය 34ක් පමණක් බවත් ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පත් කොට ඇති කමිටුවක් මගින් අයදුම්පත් ඇගයීමට ලක් කිරීමෙන් අනතුරුව සුදුසුකම් සම්පූර්ණ කර ඇති ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් 34 දෙනෙකුගේ නම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීමට අදාළ කමිටුව පියවර ගෙන ඇති අතර ජනාධිපතිවරයාගේ අභිමතය අනුව ඉන් 10 දෙනෙකු පමණක් ජනාධිපති නීතිඥවරුන් ලෙස පත් කිරීම සිදුවේ.
නීතිඥ වෘත්තියට හෝ නීති අධ්‍යාපනයට සුවිශේෂී හා කැපී පෙනෙන දායකත්වය ලබා දීමට අපොහොසත් වීම, වෘත්තියේ විශිෂ්ඨත්වය පත් වූවෙකු නොවීම, හුදෙක් යම් යම් විශ්වවිද්‍යාල තනතුරු දැරීම මත පමණක් අයදුම් කිරීම, නිසි පරිදි බදු ගෙවා නොතිබීම ඇතුළු කරුණු හේතුවෙන් බොහෝ අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බව ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

