එමිල් කාන්තන් ඇතුළු දෙදෙනෙකු “ත්‍රස්තවාදී අසාදු ලේඛනයෙන්” ඉවත් කරමින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න විසින් ඔක්තෝබර් මස 23 දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත්‍රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට අසාදු ලේඛනගත කර තිබූ හිටපු එල්ටීටීඊ ක්‍රියාකාරිකයෙකු වන එමිල් කාන්තන් ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකුගේ නම් ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙලෙස නම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුවෙන් ඉවත් කර තිබේ.
2010 දී ජාත්‍යන්තර පොලිසිය විසින් දැන් අභාවයට ගොස් ඇති එල්ටීටීඊ ත්‍රස්ත සංවිධානයේ උතුරු හා නැගෙනහිර පළාත් මූල්‍ය ප්‍රධානියා වූ එමිල් කාන්තන්ට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කළේය. රුපියල් කෝටි 100ක මුදල් RADA ආයතනය හරහා සාවද්‍ය පරිහරණයට එරෙහිව පවරා ඇති නඩුවේ ද ඔහු විත්තිකරු විය. කෙසේ වෙතත් අදාළ නඩුවෙන් ටිරාන් අලස්, එමිල් කාන්තන් ඇතුළු පිරිසක් නිදහස් කර තිබේ.


