විදේශ

ඇමරිකාවේ ලුවිස්ටන් හී වෙඩික්කරුවක් ජීවිත 22ක් බිලිගනී, සැකකරු තවමත් නිදැල්ලේ

ඔක්තෝබර් 25 දින රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීම් මාලාවකින් ඇමරිකාවේ ලුවිස්ටන් හී මේන් ප්‍රදේශයේ පුද්ගලයින් රැසක් මියගොස් තිබෙනවා.

සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට මෙතෙක් පොලිසියට හැකියාවක් ලැබී නැති අතර සැකකරු ස්ථාන කිහිපයක සැරිසරමින් සිදුකරමින් සිටින වෙඩි තැබීම්වලින් මේ වනවිට මියගිය ගණන 22 දක්වා ඉහළ ගොස් ඇතැයි ලුවිස්ටන් පොලිසිය පවසනවා.

ලුවිස්ටන් හී ක්‍රීඩා පිටියක් ඇතුළු ස්ථාන කිහිපයකදී සිදු වී ඇති වෙඩි තැබීම්වලින් මේ වනවිට පුද්ගලයින් 50ක් හෝ 60ක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

මේ වනවිට සිද්ධියට අදාළ සැකකරුවෙකුගේ සහ මෝටර් රථයක ඡායාරූපයක් ලුවිස්ටන් පොලිසිය සිය නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇති අතර රයිෆල් වර්ගයේ අවියක් දරන පුද්ගලයෙකු එහි දැක්වේ.

Rivira FB Group Rivira Youtube
To Top