මඩකලපුව දිස්ත්‍රික්කයේ පිහිටා ඇති සිංහල සුසාන භූමියක් ඩෝසර් කර තිබෙනවා. මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි සඳහන් කළේ ජයන්තිපුර පොදු සුසාන භූමිය කිසියම් අන්තවාදීන් පිරිසක් විසින් ඩෝසර් කර විනාශ කර දමා ඇති බවයි.
අති සංවේදී වෙමින් ඒ හිමියන් වැඩිදුරටත් සඳහන් කළේ තම ආදරණීය මවගේ සොහොන ඇතුළු තවත් සොහොන් විශාල ප්‍රමාණයක් එහි තිබූ බවයි. එසේම 1916 වසරේ සිට සිංහල ජනතාව විසින් අදාළ සොහොන භාවිතා කර තිබූ බවත් උන්වහන්සේ සඳහන් කළා.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් මඩකලපුව මූලස්ථාන පොලිසියට තමන් ඇතුළු පිරිසක් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ඒ සම්බන්ධයෙන් වහාම විමර්ශන ආරම්භ කරන ලෙසත් සුමනරතන හිමියන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

