ක්‍රීඩා

ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමට ඇමති සූදානම්!

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත එල්ල වී ඇති බරපතල චෝදනා හමුවේ ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැර අතුරු පාලක මණ්ඩලයක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ තීරණය කර ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

මේ වනවිට පැවැත්වෙන ලෝක කුසලාන තරඟාවලිය අවසන් කර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙරටට පැමිණි පසු අදාළ විසුරුවා හැරීම සිදු කිරීමට අමාත්‍යවරයා සූදානමින් සිටින බව අදාළ ආරංචි මාර්ග පෙන්වා දෙනවා. එසේම අන්තර් කාලීන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස සිදත් වෙත්තමුණි පත් කිරීමටත්, තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස සනත් ජයසූරිය පත් කිරීමටත් සූදානමක් ඇති බවට ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසනවා.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ශම්මි සිල්වා ඇතුළු බලධාරීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය සහ ක්‍රීඩාලෝලීන් මෙන්ම ක්‍රීඩකයින් ද, දේශපාලනඥයින් ද, සිවිල් සංවිධාන ද ප්‍රබල චෝදනා එල්ල කරමින් පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අත් වී ඇති ඉරණම ඉතාමත් කණගාටුදායක තත්වයක් බවයි.

Rivira FB Group Rivira Youtube
To Top