දේශීය පුවත්

#BreakingNews ලිත්‍රෝ ගෑස් අදත් නග්ගයි

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කළ බව ලිත්‍රෝ සමාගම කියයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ දැමීමට නියමිත අතර එහි නව මිල රුපියල් 3,565ක් වන බව ලිත්‍රෝ සමාගම කියයි.

එසේම කිලෝග්‍රෑම් 05ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 38කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 1.431ක් වේ.

කිලෝග්‍රෑම් 2.3ක ලි‍ට්‍රෝ ගෑස් සිලින්ඩරය ද රුපියල් 18කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 668ක් බව ද ලිත්‍රෝ සමාගම පවසයි.

Rivira FB Group Rivira Youtube
To Top