ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා සාමාජිකයින් 7 දෙනෙකුගෙන් සමන්විත අතුරු පාලක කමිටුවක් පත් කර තිබේ.
1973 අංක 25 දරන ක්‍රීඩා පනතෙත් අමාත්‍යවරයා වෙත ලබා දී ඇති බලතල ප්‍රකාරව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් මෙම පත් කිරීම සිදුකර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය පවසනවා.
මෙම අතුරු පාලක කමිටුවේ සභාපති ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක අර්ජුන රණතුංග වන අතර සෙසු සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. අයි ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, නීතිඥ රකිත රාජපක්ෂ, උපාලි ධර්මදාස සහ හිෂාම් ජමාල්ඩීන් යන සාමාජිකයින් කමිටුව වෙත පත් කොට ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.


