ප්‍රමිතියෙන් බාල ඩීසල් තොගයක් වෙළෙඳපොළට නිකුත් කරන බවට එල්ල වන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.
ගොඩබෑමට පෙර සිදුකළ පරීක්ෂාවක දී ඩීසල් තොගයේ යමක් නිරීක්ෂණය වී ඇති බවත්, එම ඩීසල් තොගයේ සාම්පල තවමත් පරීක්ෂා කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.
වාර්තා වී ඇති පරිදි තොගය නිකුත් කර නොමැති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ සාම්පල තත්ත්ව පරීක්‍ෂණවලින් අසමත් වුවහොත් තොගය ප්‍රතික්ෂේප කරන බවයි.
ලංකා ඉන්දියන් ඔයිල් සමාගම – LIOC, නැව් සමාගම සහ ස්වාධීන විමර්ශන කණ්ඩායමක් වරායට පැමිණ ඇති බවත්, සාම්පල පරීක්‍ෂා කරමින් පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

