විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය එකතු වෙලා ගෙනත් තියෙන යෝජනාව සම්මත කළ ද එහි නෛතිකභාවයක් නොමැති බව ඉලංකෙයි තමිල් අරසු කච්චි හී මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් පවසනවා. එහෙත් තමන් කිසිඳු පාර්ශවයක් වෙනුවෙන් පෙනී නොසිටින බව ද එකම පිරිසක් මාරුවෙන් මාරුවට ක්‍රිකට් පාලනය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් වන මේ වනවිට පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය අතරතුරයි.

