දේශීය පුවත්

කංචන සැර වෙයි, පාර්ලිමේන්තුව යෝජනා සම්මත කිරීම නිසා ICCයෙන් තහනමක් දැම්මොත් 225ම වගකිව යුතු බව කියයි

ජනාධිපතිවරයා විසින් පත්කර ඇති කැබිනට් අනු කමිටුවේ වගකීම කණ්ඩායම තේරීම හෝ පරිපාලනය තේරීම නොවන අතර අවශ්‍යය වෙනස්වීම් මොනාවද යන්න පිළිබඳව යෝජනා ඉදිරිපත් කිරීම බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, ක්‍රිකට් පිළිබඳ කැබිනට් අනු කමිටුවේ සාමාජික කංචන විජේසේකර සඳහන් කළා.

දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් වන පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන ඒම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් යම් තහනමක් පැනවුවහොත් එහි වගකීම පාර්ලිමේන්තුවේ 225 දෙනාම භාර ගත යුතු බවයි.

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් තහනමක් පැනෙව්වොත් 225 දෙනාම වගකීම භාර ගන්න ඕනේ. ආණ්ඩුවේ වැඩක් කියලා අත පිහදගන්න බෑ. අන්න දැන් ෆුට් බෝල් තහනම් වුණා. රගර් තහනම් වුණා. මේක ආණ්ඩුවේ වැඩක් කියලනේ කිව්වේ.. ක්‍රිකට්වලටත් එහෙම දෙයක් සිදු නොවේවා කියලා මම කියනවා. එහෙම වුණත් 225ම ඒක භාර ගන්න ඕනේ.. ඒක තමා මම කියන්නේ”

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top