ක්‍රීඩා

#BreakingNews ශ්‍රී ලංකා ක්‍රිකට් සාමාජිකත්වය ICCය අත්හිටුවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ICC සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇතැයි එම කවුන්සිලය කියයි.

සිකුරාදා රාත්‍රියේ නිකුත් කළ නිවේදනයක, ICC ය කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC හී සාමාජිකයෙකු ලෙස එහි වගකීම් කඩ කර ඇති බවයි, විශේෂයෙන් එහි කටයුතු ස්වාධීනව සහ රජයේ මැදිහත්වීමකින් තොරව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ඉටු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අපොහොසත් වී ඇති බව එහි වැඩිදුරටත් දැක්වේ.

ICC සිය ප්‍රකාශයේ සඳහන් කළේ: “අත්හිටුවීමේ කොන්දේසි නියමිත වේලාවට ICC මණ්ඩලය විසින් තීරණය කරනු ඇත.”

ICC මණ්ඩලය නොවැම්බර් 21 වනදා රැස්වීමට නියමිත අතර, එහිදී ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කරන බව ද කවුන්සිලය වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදුකරමින් විපක්ෂ නායකවරයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවා ගැනීමට කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

එසේම පාර්ලිමේන්තුව තුළ බොහෝ දෙනෙකු අදහස් පළ කරමින් කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ජේ ශාහ් නැමැති ඉන්දියානු ක්‍රිකට් පරිපාලකයෙකුගේ අවශ්‍යතාවය අනුව කටයුතු සිදුකරනු ඇති බවයි. ජේ ශාහ් යනු ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ශාහ්ගේ පුත්‍රයා වන 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකු වේ. එසේම ඔහු ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබල හස්තයක් ලෙස කටයුතු කරන අයෙකු බව ද වාර්තා වී තිබුණි.

කෙසේ වෙතත් බොහෝ කාලයක සිට ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පවසා සිටියේ ICCය ද මේ වනවිට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් ඉන්දියාවේ අවශ්‍යතා අනුව ක්‍රියාත්මක වෙමින් පවතින ආයතනයක් බවට පත් වී ඇති බවයි.

එසේම 2024 ජනවාරි සහ පෙබරවාරි මාසවලදී ICC වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාව විසින් පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ අමතක නොවන කාලයක් උදාවී ඇති අතර, ඔවුන් සහභාගී වූ තරඟ 9 න් දෙකක් පමණක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4 ක් ලබා අවසන් කර ඇත. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අංක 8 ස්ථානයේ පසුවන අතර ලීග් අදියරේ තවත් තරග තුනක් පැවැත්වීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව චැම්පියන් ලීග් තරඟාවලියට සහභාගී වීම ද අවිනිශ්චිත තත්වයක පවතී.

Rivira FB Group Rivira Youtube
To Top