දේශීය පුවත්

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් පතිරගේ අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ නොවැම්බර් 10 සිකුරාදා සිදුකළ විශේෂ වැටලීමක දී ය.

වාර්ෂිකව සිය බලපත්‍රය අලුත් කර ගැනීමට අවශ්‍ය වූ දැවිතෙල් ව්‍යාපාරිකයෙකුගෙන් මධ්‍යම පරිසර අධිකාරියේ අනුමැතිය ලබා දීම සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී සභාපතිවරයා ඇතුළු තිදෙනෙකු එලෙස අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. එහිදී අදාළ අල්ලස් මුදල තැරැව්කරුවන් දෙදෙනෙකුගේ මාර්ගයෙන් ලබා ගැනීමට සැළසුම් කර තිබී ඇති බව ද අල්ලස් කොමිසම කියයි.

සුපුන් පතිරගේ 2022 ඔක්තෝබර් මාසයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මධ්‍යම පරිසර අධිකාරියට පත් කරන ලද අයෙක් බව ද මාධ්‍ය වාර්තා ඔස්සේ සඳහන් වී තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top