දේශීය පුවත්

ගෝඨා, මහින්ද හා බැසිල් ඇතුළු පිරිසගේ වැරදි තීරණ හේතුවෙන් ආර්ථික අර්බුදය ඇති වීමෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා

රට තුළ වර්තමානයේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය නිර්මාණය කිරීම හිටපු ජනාධිපති ගෝඨාභය රාපක්ෂ, හිටපු අගමැති හා මුදල් ඇමති මහින්ද රාජපක්ෂ සහ හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු මහබැංකු අධිපතිවරුන් වන අජිත් කබ්රාල්, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂමන්, පී.බී. අබේකෝන් ඇතුළු පිරිසක් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඒ අදාළ පුද්ගලයින් විසින් ගත් වැරදි තීරණ හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා පවරා තිබූ පෙත්සමකට අදාළව එම පෙත්සම විභාග කළ ‌පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.

විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන පමණක් අදාළ තීන්දුවට වෙනස් මතයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව ද රිවිර.lk අධිකරණ වාර්තාකරු සඳහන් කළා.

ඒ අනුව මෙම නඩුවට ගොනු කර ඇති පෙත්සම්කාර පාර්ශව වෙත රුපියල් 150,000ක බැගින් ගෙවන ලෙස ද අධිකරණය නියෝග කළේය.

Rivira FB Group Rivira Youtube
To Top