ක්‍රීඩා

අතුරු කමිටු සඳහා කැබිනට් අනුමැතිය අවශ්‍ය බව PMD කියයි, එවැනි තීරණයක් නොගත් බව රොෂාන් කියයි

දැනට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) තහනම ඉවත් කිරීමට අදාළ කටයුතු මෙහෙයවීමත්, යම් ක්‍රිකට් තරගාවලියක් ශ්‍රී ලංකාවට අහිමි වීමේ අවදානමක් පවතින්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කර වහාම තීරණ ගැනීමේ බලයත් ක්‍රිකට් සඳහා පත්කර ඇති විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනු කමිටුව වෙත පැවරීමට ඊයේ (13) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා තිබුණේ මින් ඉදිරියට අතුරු කමිටු පත් කරන්නේ නම් ඊට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය අත්‍යාවශ්‍ය බවට ද කැබිනට් මණ්ඩලයේ දී තීරණයක් ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් හදිසි නිවේදනයක් නිකුත් කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කරන්නේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කරන ලද අදාළ නිවේදනය නිවැරදි නොවන බවයි.

එසේම අතුරු කමිටු සම්බන්ධයේ එවැනි ආකාරයේ සාකච්ඡාවක් කැබිනට් මණ්ඩලයේ දී නොපැවති බවත්, සදහන් කර ඇති ආකාරයේ තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

Rivira FB Group Rivira Youtube
To Top