ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොවැම්බර් 14 දින රැස්ව තිබුණා. විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අතිශය බරපතල කරුණු රැසක් අනාවරණය වූ අදාළ කෝප් කමිටු රැස්වීමේ දී එම කමිටුවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ හැසිරීම පාර්ලිමේන්තුවේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබෙනවා.
නොවැම්බර් 15 දින පාර්ලිමේන්තුවේ දී අදාළ කමිටුවේ සාමාජික මන්ත්‍රීවරුන් සහ විපක්ෂ නායකවරයා කළ මේ සම්බන්ධයෙන් අනාවරණය කළා. විපක්ෂ නායකවරයා කියා සිටියේ මන්ත්‍රීවරුන් කෝප් කමිටුව හමුවට පැමිණ සිටි සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී කෝප් කමිටු සභාපතිවරයා දඹරැගිල්ලෙන් හස්ත සංඥා ලබා දීමෙන් සාක්ෂිකරුවන් පාලනය කළ බවයි. මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් සිදුකළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කලා.
කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර ද ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ පිරිසක් පැමිණ එම “ස්වාධීන කමිටුව” දේශපාලනීකරණය කිරීමට උත්සාහ කළ බවයි.

