ප්‍රොපට් ජෙරොම් ප්‍රනාන්දු ශ්‍රී ලංකාවට පැමිණි විට ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට නොගන්නැයි අභියාචනාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි රිවිර.lk අධිකරණ වාර්තාකරු සදහන් කළේය.
ආගම්වලට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින ප්‍රොපට් ජෙරම් ප්‍රනාන්දු අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ වීමත් සමග ශ්‍රී ලංකාවෙන් පිට වී සිටි අතර තවමත් ශ්‍රී ලංකාවට පැමිණ නැති බව ද වාර්තා වේ.
ඒ අනුව, අභියාචනාධිකරණයේ දී අද එම නඩුව කැඳවූ අවස්ථාවේ දී ජෙරාම් ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට පැමිණ පැය 48ක කාලයක් ඇතුළත ප්‍රකාශයක් ලබා ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යා අංශයට නියෝග අධිකරණය දැනුම් දුන්නේ ඉන් අනතුරුව පවතින නීතිය යටතේ ජෙරම් ප්‍රනාන්දු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

