ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ වැඩ බැලීමට ලලිත් පතිනායක පත් කෙරේ
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක පත් කිරීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර තිබේ.
නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව මෙම පත් කිරීම සිදුකරන ලද බව ජාතික පොලිස් කොමිසම සඳහන් කළේය.
එම ධූරයේ කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අනිවාර්ය නිවාඩු යැවීමෙන් පසු එම ධූරය සඳහා අයෙකු නම් කර එවන ලෙස වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත දන්වා තිබුණ ද ධූරයේ කටයුතු කිරීම අත්හිටුවන තෙක් එම ධූරය සඳහා සුදුස්සෙකු නම් කර එවා නොමැති වීම හේතුවෙන් වැඩබැලීමේ පදනම මත අයෙක් පත් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමෙන් පසු මෙම පත් කිරීම සිදුකොට තිබේ.
නීතිපතිවරයා දන්වා ඇත්තේ පොලිස්පතිවරයා ධූරය දැරීම අත්හිටුවා ඇති බැවින් පොලිස්පතිවරයාගේ නිර්දේශ ලබා ගැනීම අත්‍යවශ්‍ය නොවන බවයි.