“අපේ සහාය රනිල්ට, පොහොට්ටු මහලේකම්ධූරයෙන් සාගර ඉවත් කළ යුතුයි” – මාතර පොහොට්ටු බලමණ්ඩලයේ දී සම්මතයි
2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් බලමණ්ඩලය තීරණය කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අගෝස්තු 01 දින පාලටුව එල්එච්කේ හෝටලයේ පැවති එම රැස්වීමේ දී ජනාධිපතිවරණයේ දී සහාය දැක්වීම හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්ධූරයෙන් සාගර කාරියවසම් ඉවත් කිරීම යන යෝජනා ඒකමතිකව සම්මත වූ බව අමාත්‍යවරයා සඳහන් කළා. පොහොට්ටුවේ මහලේකම් ධුරයට රමේෂ් පතිරණ වැනි අයෙකු පත් කළ යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
අදාළ රැස්වීමට මාතර දිස්ත්‍රික් බල මණ්ඩලය නියෝජනය කරමින් හිටපු පළාත් සභා මන්ත්‍රී සරත් ද අල්විස් ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරුන්, හිටපු පළාත් පාලන ආයතන නියෝජිතයින් ඇතුළු පිරිසක් සහභාගී වී තිබුණි.