2024 Presidential ElectionPolitics

අගමැති දිනේෂ් සහ මහජන එක්සත් පෙරමුණත් රනිල්ගේ සහායට

2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන තීරණය කර තිබේ. ඒ මහජන එක්සත් පෙරමුණේ මහරගම පිහිටි පක්ෂ කාර්යාලයේ අගෝස්තු 01 දින පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහජන එක්සත් පෙරමුණේ උප සභාපතිවරු වන රාජ්‍ය ඇමති නීතිඥ සිසිර ජයකොඩි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතාංජන ගුණවර්ධන, නියෝජ්‍ය ලේකම් පාර්ලිමේන්තු හා දිනේෂ් ගුණවර්ධනගේ පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනී ගුණවර්ධන සහ උප ලේකම් ලලිත් රෝහණ ඇතුළු පිරිසක් එක් වී සිට ඇත.

ජනාධිපතිවරයාට මුල සිටම සහාය දුන් බවත්, ඉදිරි ජනාධිපතිවරණයේ දී ද රනිල් වික්‍රමසිංහට පූර්ණ සහය ලබා දෙන බවත් එම රැස්වීමේ දී ඒකමතිකව තීරණය වූ බව මාධ්‍ය හමුවේ දී දිනේෂ් ගුණවර්ධන සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *