ප්‍රශ්නගත විද්‍යුත් වීසා ක්‍රමයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්
ප්‍රශ්නගත විද්‍යුත් විසා සේවාවන් සැපයීමේ කටයුතු විදේශීය සමාගම් දෙකකට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
අගෝස්තු 02 දින ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ හා අචල වෙංගප්පුලි යන තිපුද්ගල විනිසුරු මණ්ඩලය හමුවේ එම පෙත්සම් සළකා බැලූ අවස්ථාවේ දී අදාළ පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඒම්.ඒ.සුමන්තිරන් SC/FR/203/2024, රවුෆ් හකීම් SC/FR/204/2024 සහ පාටලී චම්පික රණවක SC/FR/205/2024 ඇතුළු පිරිසක් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
මෙහිදී ප්‍රශ්නගත විද්‍යුත් වීසා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා VFS Global සමාගම සමග ඇතිකරගත් ගිවිසුම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අධිකරණය විසින් තවත් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.