රනිල්ට ගිය පොහොට්ටු දිස්ත්‍රික් නායකයින් 4ක් නෙරපයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් 4ක නායකත්වය වෙනස් කර තිබෙනවා. පක්ෂයේ තිරණයට එරෙහිව ගොස් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක කටයුතු කළ අමත්‍ය ප්‍රසන්න රණතුංග ඉවත් කර එම ධූරයේ කටයුතු කිරීම සඳහා රාජ්‍ය අමත්‍ය ඉන්දික අනුරුද්ධ පත් කර තිබෙන අතර අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කළ එස් .එම් චන්ද්‍රසේන සහ ශෙහාන් සේමසිංහ රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට යාම හේතුවෙන් එම ධූරයේ කටයුතු කිරීම සඳහා එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා. මීට අමතරව ගාල්ල දිස්ත්‍රික් සංවිධාය අමාත්‍ය රමේෂ් පතිරණ ඉන් ඉවත් කර එම ධූරය සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පත් කර තිබෙන අතර මාතර දිස්ත්‍රික් සංවිධායක ධූරයෙන් අමාත්‍ය කංචන විජේසේකර ඉවත් කර නිපුණ රණවක පත් කර තිබෙනවා.