දෙවන එක්දින තරඟයෙන් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවට සුපිරි ජයක්
ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර අගෝස්තු 04 දින කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවති දෙවන එක්දින තරඟය ලකුණු 32කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.
ආබාධයකට ලක් වූ වනිඳු හසරංග වෙනුවට පැමිණි දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හමුවේ අසරණ වූ ඉන්දීය කණ්ඩායමේ පිළිතුරු ඉණිම ලකුණු 208කට සීමා විය.
කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගත් අතර අවිෂ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 40 බැගින් ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 39ක් ද රැස් කළේ ය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේ දී වොෂින්ටන් සුන්දර් කඩුළු 3ක් බිඳ හෙලීමට සමත් වූ අතර කුල්දීප් යාදව් කඩුළු දෙකක් බිඳ හෙලීමට සමත් විය.
ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 241ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු රෝහිත් ශර්මා දැවැන්ත ප්‍රහාරයක් දියත් කරමින් පන්දු 44ක දී දැවැන්ත 6 පහර 4ක් සමග ලකුණු 64ක් රැස් කළේ ය. අක්සාර් පටෙල් ලකුණු 44ක් ද ශුබ්මාන් ගිල් ලකුණු 35ක් ද රැස් කිරීමට සමත් වූ අතර අනෙකුත් කිසිඳු පිතිකරුවෙකුට සාර්ථක වීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් ඉඩක් නොලැබුණු අතර මුල් පෙළ පිතිකරුවන් 6 දෙනෙකුම දවා ගැනීමට ජෙෆ්රි වැන්ඩර්සේගේ පන්දුවට හැකියාව ලැබුණි. ඔහුට අනගි සහයක් ලබා දෙමින් ඉන්දීය කණ්ඩායමේ අනෙකුත් පිතිකරුවන් දවා ගැනීමට නායක චරිත් අසලංක සමත් වූ අතර අවසන් කඩුල්ල ලෙස අර්ශ්දීප් සිංව දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ අනුව, සුපිරි ඉන්දීය පිතිකරු බලඇණිය පන්දුවාර 42යි පන්දු 2ක දී දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර ඔවුන්ට රැස්කර ගත හැකිවූයේ ලකුණු 208ක් පමණි.
ලකුණු 33කට කඩුලු 06ක් දවාගනිමින් වැන්ඩර්සේ යැවූ මෙම සුපිරි පන්දු යැවීම ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉන්දියාවට එරෙහිව දඟ පන්දු යවන්නෙකු දැක්වූ තෙවැනි හොඳම පන්දු යැවීම ලෙස ද වාර්තා විය.
වැන්ඩර්සේට අනගි සහයක් දුන් නායක චරිත් අසලංක ලකුණු 20කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් විය.
මෙම තරඟයේ දී ද යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පිත්තෙන් සටන්කාමී පිති හරඹයක නිරත වෙමින් පන්දු 35ක දී 6 පහර 2ක් සමග ලකුණු 39ක් රැස් කිරීම සුවිශේෂී සිදුවීමක් වූ අතර සුපුරුදු පරිදි මැද පෙළ පිතිකරුවන්ට එතරම් සාර්ථක වීමට අවස්ථාවක් අසාර්ථක වීමත් පන්දු
මෙම ජයත් සමග තරග තුනකින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
දෙරට අතර පළමු තරගය ලකුණු සමව අවසන් විය.