2024 Presidential ElectionPoliticsTop Stories

එජාපයේ සහාය එජාප නායක රනිල්ට – එජාපයෙන් ප්‍රබල තීරණයක්

2024 ජනාධිපතිවරණයේ දී ස්වාධීන අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත්ව සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සහාය පළකිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.

අගෝස්තු 08 දින සිරිකොත පක්ෂ මූලස්ථානයේ එජාප නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම තීරණය ගත් බව පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සඳහන් කළේ ය.

“අද දින අපේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙලා තීරණය කළේ එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණය සඳහා තරඟ නොකළ යුතු බවත් ඒ වගේම ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් විය යුතු බවත් ස්වාධීනව ඉදිරිපත් වන ඒ මහතාට එක්සත් ජාතික පක්ෂයේ පූර්ණ සහයෝගය සමස්ත සාමාජිකත්වය විසින් ලබාදිය යුතු බවත්. ඒ තීරණය අනුව සම්පූර්ණයෙන්ම සමස්ත එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *