පොහොට්ටු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී සජිත් ළඟට පනී
2024 ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය දෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්රීනී වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
අගෝස්තු 11 දින සජිත් ප්‍රේමදාස හමුවී සහාය පළ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරිය සඳහන් කළේ බව පැවසුවේ රටට වැඩක් කළ හැකි පිරිසක් සිටින්නේ සජිත් ප්‍රේමදාස සමග බවයි.
දිවංගත හිටපු අමාත්‍යවරයෙකු වන ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහත්මයාගේ බිරිඳ වන වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වැඩිදුරටත් සඳහන් කළේ දැඩි ආර්ථික පීඩනයකට මුහුණ දී සිටින රට ඉන් මුදා ගැනීමට මෙම කණ්ඩායමට හැකියාව ඇති බවයි.