NewsTop Stories

අධිකරණ ඇමතිකම යළිත් සබ්‍රිට

විදේශ කටයුතු අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යධූරයේ ද දිවුරුම් දී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ අගෝස්තු 12 දින ජනාධිපති කාර්යාලයේ දී ඔහු මෙම ධූරයේ දිවුරුම් දී තිබේ.

ඒ එම ධූරයේ කටයුතු කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට තරග වැදීම සඳහා පසුගියදා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය. අලි සබ්‍රි මීට පෙර ද ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යධූරයේ කටයුතු කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *