Breaking News – තැපැල් ඡන්ද සලකුණු කිරීමේ දින නියම කෙරේ
2024 ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම සඳහා දින 3ක කාලයක් සහ අමතර දින 2ක කාලයක් මැතිවරණ කොමිසම විසින් නියම කර තිබේ.
ඒ අනුව තැපැල් ඡන්ද පත්රිකා නිකුත් කිරීම සඳහා තැපෑලට භාරදීම 2024.08.26 දින සිදුකරන බව ද එම කොමිසම පැවසීය.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ දිස්ත්රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසිය සඳහා තැපැල් ඡන්දය ප්රකාශ කිරීම සඳහා සැප්තැම්බර් 04 දින වෙන්කර ඇති බවයි. එසේම අනෙකුත් නිලධරයන් සඳහා ඡන්දය ප්රකාශ කිරීමට සැප්තැම්බර් 05 සහ 06 දින වෙන්කර ඇති බවත් ප්රකාශ කළේ ය.
වෙන්කර ඇති දිනවල දී ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන ඡන්දදායකයින් සඳහා නැවත සැප්තැම්බර් මස 11 සහ 12 යන දින වෙන්කර ඇති බව ද මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ ය.
කෙසේ වෙතත්, අගෝස්තු 13 දිනය අවසන් වනවිට ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වීම සඳහා අපේක්ෂකයින් 36 දෙනෙකු ඇප තැන්පත් කර තිබූ අතර අගෝස්තු 14 දින පෙරවරුවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ වෙනුවෙන් එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් ඇප තැන්පත් කිරීම සිදුකළේ ය.