2024 Presidential ElectionNewsTop Stories

මැතිවරණ නීති උල්ලංඝනය කළ නාලිකාවක විකාශන බලපත්‍රය අත්හිටුවන ලකුණු!

දිගින් දිගටම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් නාලිකාවක විකාශන බලපත්‍රය අත්හිටුවන්නැයි ඉල්ලීම් රැසක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

2024 ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් වී ඇති පසුබිමක, මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති මාධ්‍ය උපමාන, මැතිවරණ නීති සහ මාධ්‍ය ආචාරධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් සිටින රූපවාහිනී නාලිකාවකට ලබා දී ඇති විකාශන බලපත්‍රය වහාම අත්හිටුවන ලෙස පාර්ශව රැසක් ඉල්ලීම් සිදුකර ඇති බව රිවිර..lk වෙත වාර්තා වේ.

උදෑසන පුවත්පත් කියවන වැඩසටහනක් සහ ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුර අනෙකුත් අපේක්ෂකයින්ට බරපතල අගතියක් සිදුවන ආකාරයෙන් දැවැන්ත අපහාසාත්මක ප්‍රකාශයන් සිදුකරමින් තමන්ට රිසි පරිදි තෝරා ගත් එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් පොදු සංඛ්‍යාත සහ පොදු ගුවන් කාලය යොදා ගන්නා බවට එම පැමිණිලි මගින් අදාළ නාලිකාව වෙත චෝදනා එල්ල වී තිබේ.

මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර නැවත පැමිණිලි ඉදිරිපත් නොවන ලෙස කටයුතු කරන්නැයි මැතිවරණ කොමිසමෙන් ද දැනුම් දී තිබුණ ද එම දැනුම් දීම් සම්බන්ධයෙන් කිසිඳු සැළකිල්ලක් නොදක්වා සුපුරුදු ලෙස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් විකාශන කටයුතු සිදුකරගෙන යාමට එම නාලිකාව කටයුතු කිරීම හේතුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් තහවුරු කිරීම සඳහා මැතිවරණ කාල සීමාව අවසන් වනතෙක් හෝ අදාළ නාලිකාවේ විකාශන කටයුතු අත්හිටුවන ලෙස මැතිවරණ කොමිසමෙන්, ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් හා විදුලි සංදේශ නියාමන කොමිසමෙන් එම පැමිණිලි ඉදිරිපත් කළ පිරිස ඉල්ලා ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ අනුව, ඉදිරි දින කිහිපය තුළ ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ඇතැයි අපේක්ෂා කරන බව පැමිණිලිකරුවන් සඳහන් කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *