2024 ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් මෙන්න, ඉතිහාසයේ වැඩිම පිරිස මෙවරයි
2024 ජනාධිපතිවරණය සඳහා ඇප තැන්පත් කර තිබූ අපේක්ෂකයින් 40 දෙනා අතරින් අගෝස්තු 15 දින නාමයෝජනා භාරදුන් අපේක්ෂයින් 39 දෙනාගේම නාමයෝජනා පිළිගත් බව මැතිවරණ කොමිසම නිවේදනය කළේය.
එහිදී ජනක රත්නායකට එරෙහිව විරෝධතා දෙකක් ද බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් නිශ්චිත අපේක්ෂකයෙකු සඳහන් නොකර ඉදිරිපත් කරන ලද විරෝධතාවයක් ද ඇතුළු විරෝධතා 3ක් ඉදිරිපත් වූ බවත් එම විරෝධතා මැතිවරණ නීති අනුව ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කළ බවත් ප්‍රකාශ කළේ ය.
ඒ අනුව 2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා පිළිගත් අපේක්ෂකයින් 39 දෙනොගේ නම් ප්‍රකාශයට පත් කළ අතර එම ලැයිස්තුව නාමයෝජනා භාරදුන් අනුපිළිවෙලින් සඳහන් කරන බව ද ප්‍රකාශ කළේය.
ජනාධිපති අපේක්ෂකයින්ගේ නාමලේඛනය පහතින් දැක්වේ. මෙම අපේක්ෂක ලැයිස්තුව සැළකෙන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වූ වැඩිම අපේක්ෂකයින් ප්‍රමාණය ලෙසයි.
- දිලිත් සුසන්ත ජයවීර
- සරත් මනමේන්ද්‍ර
- අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
- ඒ. එස්. පී. ලියනගේ
- පානි විජේසිරිවර්ධන
- ප්‍රියන්ත පුෂ්පකුමාර වික්‍රමසිංහ
- අජන්ත ද සොයිසා
- බත්තරමුල්ලේ සීරලතන හිමි
- සරත් ෆොන්සේකා
- නුවන් සංජීව බෝපගේ
- හිටිහාමිලාගේ දොන් ඕෂල ලක්මාල් අනිල් හේරත්
- ජනක ප්‍රියන්ත කුමාර රත්නායක
- කේ.කේ. පියදාස
- මයිලවාගනම් තිලකරාජා
- සිරිපාල අමරසිංහ
- පාක්‍යසෙල්වම් අරියනේත්‍රන්
- සරත් කීර්තිරත්න
- කේ. ආනන්ද කුලරත්න
- නාමල් රාජපක්ෂ
- අක්මීමන දයාරතන හිමි
- කේ.ආර්. කිෂාන්
- පොල්ගම්පොළ රාළලාගේ චමින්ද අනුරුද්ධ
- විජයදාස රාජපක්ෂ
- අනුර සිඩ්නි ජයරත්න
- සිරිතුංග ජයසූරිය
- මහින්ද දේවගේ
- මොහොමඩ් ඉල්ලියාස්
- ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
- ඇන්ටනි වික්ටර් පෙරේරා
- කීර්ති වික්‍රමරත්න
- සජිත් ප්‍රේමදාස
- රනිල් වික්‍රමසිංහ
- මරක්කලමානගේ ප්‍රේමසිරි
- ලලිත් ද සිල්වා
- පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක
- ඩී.එම්. බණ්ඩාරනායක
- අනුර කුමාර දිසානායක
- අගම්පොඩි ප්‍රසංග සුරංජීව අනෝජ් ද සිල්වා
- අනුරුද්ධ රණසිංහ ආරච්චිගේ රොෂාන්