සජිත්ගේ මංගල ජන රැළියට සෙනඟ නෑ
2024 ජනාධිපතිවරණයේ සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මංගල ජනාධිපතිවරණ රැළිය අගෝස්තු 16 දින පස්වරුවේ කුරුණෑගල සත්‍යවාදී පිටියේ දී පැවැත්විණි.
නමුත් ඒ සඳහා වෙනදා මෙන් විශාල ජනසහභාගීත්වයක් නොතිබූ බව නිරීක්ෂණය වන අතර ගුවන් දර්ශන මගින් ජනතාව ඈත් වී සිටින ආකාරයක් ද නිරීක්ෂණය වේ. මෙම ජන රැළිය සඳහා සමගි ජන බලවේගය සහ සමගි ජන සන්ධානය නියෝජනය කරමින් දේශපාලන නායකයන් රැසක් පැමිණ සිටි අතර විශාල ජනසහභාගීත්වයකින් මංගල රැළිය පවත්වනු ඇතැයි බොහෝ දෙනෙකු අපේක්ෂා කළහ.
බාර් ලයිසන් වලට මුදල් වලට මන්ත්‍රී ධුර විකුණන ක්‍රමය වෙනස් කරන බව එහිදී රැස්ව සිටි පිරිස අමතමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළා. එසේම තමන් සමඟ එකතු වූ මන්ත්‍රීවරුන් කිසිවෙක් ඇමතිකම්, වරදාන, වරප්‍රසාද අපේක්ෂාවෙන් සිය කණ්ඩායමට එක් නොවූ බව සද සඳහන් කළා.
(පුවතට අදාළ ඡායාරූපය හිරු නාලිකාවේ විකාශය වූ පුවතින් ලබාගන්නා ලදී.)