2024 Presidential ElectionPolitics

ණයෙන් මිරිකුනු ව්‍යාපාරිකයින් ගොඩගන්න මාලිමා ආණ්ඩුවෙන් පොලී රහිත ණය දෙන බැංකුවක්

පැවති අස්ථාවර ආර්ථික තත්වය හමුවේ ණය ලබාගෙන ඒවා ගෙවා ගැනීමට නොහැකිව සිටින ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීම සඳහා නව බැංකුවක් ස්ථාපිත කරන බව ජාතික ජනබලවේගය පවසනවා.

“රට අනුරට” තේමාව යටතේ අගෝස්තු 18 දින කිරිබත්ගොඩ නගරයේ පැවති ජන රැළියකට සහභාගී වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළේ ය.

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ ආර්ථිකය යළි නගාසිටුවීම ආරම්භ කරන්නේ ණයවලින් මිරිකී සිටින ක්ෂුද්‍ර, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට සිය ණය ගෙවීම සඳහා සහන බැංකුවක් ස්ථාපිත කොට ඒ හරහා පොලී රහිත ණය යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරන බවයි. එමගින් පවතින ණය ගෙවා දැමීමටත්, අලුතින් ණය ලබා ගැනීමටත් හැකි ක්‍රමවේදයක් සකස් කරන බව මාලිමාවේ රට හදන වැඩ පිළිවෙල ඉදිරිපත් කරමින් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඒ බව කියා සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *