ආහර, සෞඛ්‍ය හා අධ්‍යාපනය VAT බද්දෙන් නිදහස් කරනවා – අනුර කුමාර දිසානායක
ආහාර, සෞඛ්‍ය සහ අධ්‍යාපනය සඳහා පවනවා ඇති 18%ක VAT බද්ද තම ආණ්ඩුවක් යටතේ මුළුමනින්ම ඉවත් කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සහතික වෙයි.
“රට අනුරට” රැළි මාලාවේ කිරිබත්ගොඩ නගරයේ දී අගෝස්තු 18 දින පැවති ජනාධිපතිවරණ ප්රචාරක රැළියට සහභාගී වෙමින් අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.
රටේ පුරවැසියෙකු ලෙඩ උනාමත් ආණ්ඩුවෙන් බද්දක් ගැනීම ඉතාමත් වැරදි සහගත ක්‍රියාවක් බවත්, දරුවෙක් පොතක් ගන්න ගියාම ඒකටත් ආණ්ඩුවෙන් බද්දක් ගන්නා බවත්, කුසගින්නට ආහාරයක් ගන්න ගියාම ඒකටත් බද්දක් ගන්නා බවත් පැවසූ අනුර කුමාර දිසානායක අවධාරණය කර සිටියේ තම රජයේ පළමු අයවැය ලේඛණයෙන්ම මෙම ක්ෂේත්රවල VAT බද්ද ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
ජනතාවට මත මෙලෙස අය කරන අසාධාරණ බදු ඉවත් කළ පසු රජය ආදායම් ලබාගන්නේ කෙසේදැයි ඇතැමුන් ප්‍රශ්න කර සිටින බව පෙන්වා දුන් අනුර කුමාර කියා සිටියේ රුපියල් කෝටි 110,000ක්ක බදු පැහැර හැර ඇති මහා පරිමාණ ව්‍යාපාරිකයින් සිටින බවයි. ඒවා අය කර ගැනීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් එම ප්‍රමාණයෙන් රුපියල් කෝටි 17,000ක් ආරම්භයේ දී ම අය කරගත හැකි වනු ඇති බවත් කියා සිටියා.