හරීන්ට හා මනූෂට තමන් දැරූ අමාත්‍යංශවල නමින්ම ජනාධිපති උපදේශක තනතුරු
පක්ෂ මාරු කිරීම හේතුවෙන් මන්ත්‍රීධූර සහ අමාත්‍යධූර අහිමි වූ හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර වෙත තමන් දැරූ අමාත්‍යංශවල නමින්ම ජනාධිපති උපදේශක ධූර හිමි වී තිබෙනවා.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිදුකරන ලද එකී පත් කිරීම් අනුව හරීන් ප්‍රනාන්දු, ඉඩම් ක්‍රීඩා හා තරුණ කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙසත් මනූෂ නානායක්කාර, කම්කරු හා විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක ලෙසත් පත් කර ඇත.
හරින් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් සමගි ජනබලවේගය හරහා පාර්ලිමේන්තුවට පිවිස පසුව රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමත් සමග එම පක්ෂය විසින් ඔවුන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ගත් තීරණය නීත්‍යානුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කිරීමත් සමග ඔවුන් දැරූ සියලු ධූර අහෝසි වූ අතර ඊට විසඳුමක් ලෙස ඔවුන්ට මෙම තනතුරු ලබා දීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.