සමගි ජනබලවේගයේ දිගම්බරම් සහ වේලු කුමාර් ශක්ති සටනේ දී අතින් පයින් ගහගනී
සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරන පලනි දිගම්බරම් සහ මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන වේලු කුමාර් ශක්ති රූපවාහිනියේ
සටන විවාදයට සහභාගී වෙමින් ගුටිබැට හුවමාරුවක නිරත වී තිබේ.
මන්ත්‍රීවරුන් දෙදෙනා එකිනෙකාට අවමන් සහගත ලෙස කතා කරමින් සිටි අතර දිගම්බරම් විසින් එක්වරම නැගිට වේලු කුමාර් බදාගෙන පහරදීමට තැත් කරන බව වීඩියෝ දර්ශනවල නිරීක්ෂණය වන අතර දෙදෙනා විසින් පොර බැදීමක් දක්වා සිදුවීම දිග්ගැස්සෙන අයුරු වීඩියෝ දර්ශනවල දැක්වේ.
පසුව තත්ත්වය පාලනය කිරීම සඳහා වැඩසටහනට සහභාගී වී සිටි දේශපාලන නියෝජිතයෙක් සහ ශක්ති රූපවාහිනී කාර්ය මණ්ඩලය කටයුතු කරන ලදී.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේදී සහාය පළ කර කිරීමට තීරණය කර තිබේ.
ප්‍රසිද්ධ රූපවාහිනී විවාදයක දී මෙවන් හැසිරීමක් සහිත පුද්ගලයින් පක්ෂවලින් ඉවත් කිරීම දියුණු දේශපාලන සංස්කෘතියක් ඇති රටවල තත්වයයි.