2024 Presidential ElectionPoliticsTop Stories

පාසැලට ගොස් උගන්වා නොමැති බව කිව්වාට මහින්ද ජයසිංහ හේෂාට පොල් බූරුවා කියයි

දෙරණ රූපවාහිනියේ වාද පිටියට සහභාගී වූ සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ ජාතික ජනබලවේගය නියෝජනය කරමින් පැමිණ සිටි මහින්ද ජයසිංහ අතර උණුසුම් තත්වයක් ඇති වී තිබෙනවා. ගුරුවරයෙක් හැටියට පාසැලට ගොස් ළමයින්ට උගන්වා නොමැති බවත් ඒවා ප්‍රතිපත්තිගරුක ද යන්න ගැටළුවක් බවත් හේෂා විතානගේ ප්‍රකාශ කිරීමත් සමග ඔහුගේ අදහස් දැක්වීමට ප්‍රබල ලෙස බාධා කරමින් මහින්ද ජයසිංහ පවසා සිටියේ මේ වගේ පොල් බූරුවෝ පාර්ලිමේන්තුවට එවපු රත්නපුර ජනතාව මෙය බැලිය යුතු බව සඳහන් කළා.

ඒ සමගම සංවාදය දැඩි උණුසුම් ස්වාභාවයක් ඇති වූ අතර ඊට ප්‍රතිචාර දක්වමින් හේෂා මන්ත්‍රීවරයා සඳහන් කළේ පොඩ්ඩක් ඇගිල්ලෙන් ඇන්නම හංගන් ඉන්න ජවිපෙ ගතිය එළියට පනිනා බවයි. දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට පැමිණෙන බව කියමින් මෙලෙස පවතින නීතිය හෝ කුමක් හෝ කියා පාසැලේ උගන්වන්නේ නැතුව වෘත්තීය සමිති කටයුතු කිරීම නිවැරදි දැයි ඔහු විමසා සිටියා. අදාළ වැඩසටහන පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *