සජබ මන්ත්‍රීධූරයෙන් තලතා ඉල්ලා අස්වෙයි, හොරු ඔක්කොම සජබෙට ඇවිත්
සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අගෝස්තු 21 දින පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එහිදී ඇය වැඩිදරටත් කියා සිටියේ තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ද සමගි ජන බලවේගය පක්ෂයෙන් ද ඉවත් වන බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරාළ
“එක්සත් ජාතික පක්ෂයට දැන් වයස අවුරුදු 77 යි. පහුගිය 2020 වෙනකම්ම ඒ පක්ෂය කුමන ආකාරයකින්වත් කඩා බිද දමන්න බැරි පක්ෂයක් හැටියට තමයි තිබුණෙ. මුලින්ම එස්. ඩබ්ලිව්. ආර්. ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1951 ඉන් ඉවත් වෙලා නිදහස් පක්ෂය හදපු තැන ඉදලා හරියටම අවුරුදු 40 කට පස්සෙ 1991 ලලිත් ඇතුළත් මුදලි ගාමිණී දිසානායක ඇතුළු කණ්ඩායම අලියට එරෙහිව රාජාලියා පක්ෂය ගොඩනැගීම ඇතුළු කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය දුර්වල කරන්න හෝ පරාජිත පක්ෂයක් කරන්න කාටවත් පුළුවන් උනේ නෑ. කවුරු පක්ෂය කඩාගෙන ගියත් එජාපය ඉතා ශක්තිමත්ව පැවතුනා. ඒත් 2020 සමගි ජන බලවේගය හැටියට අති බහුතරයක් දෙනා ඉන් ඉවත් වීමත් සමග තමයි ඇත්තටම පක්ෂය දෙකඩ වීම සිද්ධ වුනේ. ඒකත් ඉතා සංවේදී කාරණයක්. ඒ නිසා ඔබ එම කාරණයත් දැනගත යුතුයි. මා ඇතුළු අප කිසිවෙක් කවදාවත් අපේ පක්ෂයේ දෙකඩවීමක් අපේක්ෂා කළේ නෑ.”
“1977 ඉදලා අපේ පක්ෂයෙන් රටේ ජනාධිපතිවරුන් වෙච්ච ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, රනිල් වික්‍රමසිංහ කියන තුන්දෙනාම ‘බලය සඳහා ඉවසන්න’ කියන පාඩම ප්‍රගුණ කරපු අය. විශේෂයෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ රටේ ජනාධිපති වුනේම ඒ ඉවසීමේ ගුණය ඔහුට තිබිච්ච නිසා.”
“ඒ විතරක් නෙවෙයි ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ හදිසි අභාවය වෙලාවෙ ආණ්ඩුව කඩාවැටෙන්න ඉඩනොදී ඒක බේරගත්තෙත් රනිල් වික්‍රමසිංහ. ඒ අවස්ථාවෙ තමයි පළමු වතාවට අනුප්‍රාප්තික ජනාධිපති ධූරයේ අත්දැකීම අපට ලැබුණේ. එදා පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා තේරුවේ නිතරඟයෙන්. ඇයි එහෙම වුනේ? සභානායක තනතුරේ කටයුතු කරපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිකම ඉල්ලූවෙ නෑ. සභානායක තනතුරේ කටයුතු කළ එතුමා අගමැති ධූරය භාරගෙන එවකට අගමැති ධූරය දැරූ ඞී.බී. විජේතුංග මැතිතුමා ජනාධිපති කරන්න යෝජනා කළා. ඊට සහයෝගය දෙන්න විපක්ෂයත් කැමති වුනා. එහෙම නැතිව ඔහුත් එදා ජනාධිපති මස් රාත්තලම ඉල්ලූවා නම් එජාප ආණ්ඩුව පෙරලෙන්න හොඳටම ඉඩ තිබුණා. මේ වගේ ආදර්ශමත් කීර්තිමත් ඉතිහාසයක් තියෙද්දි මොකද්ද අද අපිට සිද්ධවෙලා තියෙන්නෙ?”
“රට වෙනුවෙන් පක්ෂය වෙනුවෙන් විතරක් නෙවෙයි තමන්ගෙම දේශපාලන අනාගතය වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමාට තව අවුරුදු 5 ක් ඉවසන්න පුළුවන් වුනා නම් අද අපිට මේ දරුණු අභියෝගය නෑ. මම සජිත් ප්‍රේමදාස මැතිතුමාට කියන්නෙ ඔබව ඔය අගාධයට තල්ලූ කරන අයගෙ එකම බලාපොරොත්තුව වෙන්නෙ ඔබව ජනාධිපති කරන එක නෙවෙයි. ඔවුන් ඊළඟ සැරේ පාර්ලිමේන්තුට එන එක. ඒකට අපේ පක්ෂය බිලිදෙනවා දකින්න මට බෑ. ඒක හොඳින් තේරුන් ගන්න කියල මම එතුමාගෙන් ඉල්ලනවා.”