රිෂාඩ් සජිත්ට සහාය දීමට එම පක්ෂයේ ජාතික සංවිධායක විරුද්ධ වෙයි
2024 ජනාධිපතිවරණයේ දී සමගි ජනබලවේගයේ සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට සමස්ථ ලංකා මහජන කොංග්‍රසය ගත් තීරණයට තමන් එකඟ නැතැයි එම පක්ෂයේ ජාතික සංවිධායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් අබ්දුල්ලා මහරුප් පැවසීය.
තම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය විසින් සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර මෙම තමන් විසින් එම තීරණය එම පක්ෂයටත් එහි නායක රිෂාඩ් බදුර්දීන්ටත් දැනුම් දුන් බව ද ජාතික සංවිධායකවරයා පවසයි.
තම ආධාරකරුවන්ගෙන් 95%ක් දෙනා ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කරන ලෙස ඉල්ලීම් සිදුකළ පසුබිමක සහ රට ආර්ථික අර්බුදයට ලක්ව තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් ඇති වී තිබූ යුගය නිමා කිරීම හේතුවෙන් ඔවුන් එම තීරණය ගෙන ඇති බවත් මෙවැනි අවස්ථාවක සජිත්ට සහාය පළ කිරීමෙන් නැවත සිදුවන්නේ ආර්ථික වශයෙන් අරාජික වීම බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.