එරික් කුරේ අභාවප්‍රාප්ත වෙයි
හංස මැරීන් එන්ටර්ප්‍රයිසස් හි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ සහ සිලෝන් ෂිපින් ලයින්ස් හි හිටපු අධ්‍යක්ෂ ජෝන් එරික් රෙජිනෝල්ඩ් කුරේ (86) මහතා අගෝස්තු 26 සවස අභවප්‍රාප්ත විය.
රිවිර මීඩියා කෝපරේෂන් පුද්ගලික සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වශයෙන් කටයුතු කළ සහ ලේකහවුස් ඇතුළු රාජ්‍ය ආයතන කිහිපයක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ ක්‍රිෂාන්ත කුරේ මහතාගේ පියා වූ එරික් කුරේ මහතා ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ අතර කලක් රෝගී තත්වයෙන් පසු වූ බව පවුලේ ආරංචි මාර්ග පවසයි.
එරික් කුරේ මහතා ප්‍රියන්ත, ක්‍රිෂාන්ත සහ නිශාන්තගේ පියා වන ක්‍රිස්ටෝබෙල්ගේ ආදරණීය සැමියාද, අරූෂා, සඳලි සහ උදේෂිගේ ආදරණීය මාමණ්ඩියද, දේවූෂි, ආධ්‍යා, අභීත, යෙනුක් සහ යුනාරාගේ ආදරණීය සීයා ද විය.
අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.