2024 Presidential ElectionNewsPoliticsTop Stories

ඡන්දෙට දින 18යි, වහාම ගොවීන්ගේ වගා ණය කපා හැරීමට රනිල් නියෝග කරයි

ගොවි සංගම් කිහිපයක් විසින් සිදුකළ ඉල්ලීමක් අනුව ගොවීන් විසින් ලබාගෙන ඇති වගා ණය වහාම කපා හැරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ. ගොවියන්ට මූල්‍ය සහන සහ සහයෝගය ලබාදීමේ අරමුණින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය සැප්තැම්බර් 03 දින නිවේදනය කළේය.

කෙසේ වෙතත් මෙසේ ණය කපා දැමීමක දී අදාළ ණය පියවීම සඳහා භාණ්ඩාගාරය විසින් අදාළ බැංකු වෙත අය විය යුතුව පවතින ණය ගෙවා දැමීමට සිදුවන අතර ඒ සඳහා ජනතාවගෙන් අය කරන බදු මුදල් වැය කිරීමට සිදුවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *