2024 Presidential ElectionPoliticsTop Stories

මාලිමාවේ ඡන්ද කඩන්න ශිෂ්‍ය උද්ඝෝෂණයක්!

පෞද්ගලික විශ්වවිද්‍යාල ඇතුළු පෞද්ගලික අධ්‍යාපනය පිළිගෙන එය නියාමනයට ලක් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඒකකයක් පිහිටුවීමට සිය ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් ජාතික ජනබලවේගය වැඩපිළිවෙලක් ඉදිරිපත් කර ඇති පසුබිමක මෙරට ප්‍රධාන පෙළේ ශිෂ්‍ය ව්‍යාපාරයක් විසින් පෞද්ගලික අධ්‍යාපනයට එරෙහිව සැප්තැම්බර් 10 දින විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

කලක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායම් විසින් බලය හෙබවූ ශිෂ්‍ය ව්‍යාපාරයක් යොදාගෙන අදාළ විරෝධතාවය සංවිධානය කිරීම තුළින් ජාතික ජනබලවේගයට ලැබී ඇති පිළිගැනීම අර්බුදයකට ලක් කිරීම අරමුණු කරගනිමින් මෙම උත්සාහය ක්‍රියාත්මක බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙනවා. කෙසේ නමුත් අදාළ ශිෂ්‍ය ව්‍යාපාරයේ බලය මේ වනවිට ජනතා විමුක්ති පෙරමුණෙන් ගිලිහී ඇති අතර එය වෙනත් වාමාංෂික දේශපාලන පක්ෂයකට හිමි වී තිබෙනවා. එහෙත් සමාජයේ බොහෝ දෙනෙකු තවමත් සිතා සිටින්නේ අදාළ ශිෂ්‍ය ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවනු ලබන බවයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ තම පක්ෂයට අනුබද්ධ ශිෂ්‍ය සංගමය වන්නේ සමාජවාදී ශිෂ්‍ය සංගමය බවයි. එම සංගමය විසින් මෙවැනි ආකාරයේ විරෝධතාවයක් සැළසුම් කර නොමැති බවත්, එවැනි විරෝධතාවයකට සිය ශිෂ්‍ය සංගමයේ කිසිඳු දායකත්වයක් හෝ සහභාගීත්වයක් නොමැති බවත් ඔවුන් සඳහන් කළා. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් එම ප්‍රකාශකයා සඳහන් කළේ නිදහස් අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් සිය පක්ෂයත්, ජාතික ජනබලවේගයත් උපරිම වශයෙන් කැපවී සිටින බවයි. එය තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ද පැහැදිලිව සඳහන් කර ඇති බව ද ඔහු අවධාරණය කළා. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල වසා දැමීමට තමන් කිසිසේත් කටයුතු නොකරන බවද, ඒවායේ ගුණාත්මකභාවය සහ පාඨමාලා නියාමනය කිරීමට පමණක් කටයුතු කරන බවත් ඔවුන් තහවුරු කර සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *