නාමල්ට සහාය දෙන රාජ්‍ය ඇමති 4ක් ඉවත් කරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.
ඒ අනුව, ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් කර ඇති අතර ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව ඔවුන්ව ඉවත් කර ඇති බවයි.
ඔවුන් සියලු දෙනා 2024 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂට සහාය පළ කරමින් සිටී. එසේම, රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීමට ද සිය ඡන්දය භාවිතා කර තිබේ.