තලතා රනිල්ගේ ජය පතා වැලිමඩ ජන රැලියට එක්වෙයි, අදත් රට කළඹන විශේෂ ප්‍රකාශයක්?
විශේෂ ප්‍රකාශයක් කරමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරාල 2024 ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, සැප්තැම්බර් 08 දින වැලිමඩ නගරයේ පැවැත්වෙන පුළුවන් ශ්‍රී ලංකා ජන රැලියේ දී නිල වශයෙන් රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණය වෙනුවෙන් තලතා අතුකෝරාල එක් වී තිබෙන අතර නැවතත් ඇය විසින් විශේෂ හෙළිදරව්වක් සිදුකරනු ඇති බවට ද වාර්තා වේ.